42.31%
17.27%
32.76%
March 1, 2024

නව මුහුදු හම්බෙල්ලන් විශේෂයක් එක්සත් රාජධානියේ සාගරය ආශ්‍රිතව සොයාගෙන තිබේ.

එම මුහුදු හම්බෙල්ලන් පර්යේෂණ නෞකාවක් මගින් සොයාගෙන තිබුණේ එංගලන්තයේ නිරිත දෙසට වන්නටයි.

පරිසර, ආහාර සහ ජලජීවී වගා විද්‍යා මධ්‍යස්ථානයේ රොස් බුලිමෝර් විසින් මෙම සොයාගැනීම සිදු කර තිබිණි.

මෙම හම්බෙල්ලන් Pleurobranchaea Britannica ලෙස නම් කර ඇත.

එම හම්බෙල්ලන් විශේෂය උණුසුම් ජලයේ දක්නට ලැබෙන කාණ්ඩයකට අයත්වන අතර දේශගුණික විපර්යාස හේතුවෙන් උතුරට සංක්‍රමණය වන්නට ඇති බවට සැකකෙරේ.

සාගර උෂ්ණත්වය වාර්තාගත මට්ටමක පැවතීමත් සමඟ සාගර ජීවීන් කෙරෙහි ඇති වන බලපෑම පිළිබඳ මේ වන විට කණස්සලක් මතුවෙමින් තිබේ.

බ්‍රිතාන්‍යයට සහ අයර්ලන්තයට ඔබ්බෙන් වූ මුහුදේ විවිධ මුහුදු හම්බෙල්ලන් 100ක් පමණ හමුවන නමුත් මෙම සත්වයා විශේෂ දෙයක් බව රොස් බුලිමෝර් ක්ෂණිකව හඳුනාගෙන තිබිණි.

“එය හරියට විදුලි බුබුළක් නිවී යනවා වගේ පෙනුණේ,” යැයි ඔහු පැවසීය.

විද්‍යාඥයන් පවසන්නේ ලෝකයේ හොඳම අධ්‍යයනයට ලක් වූ මුහුදේ ජීවය පිළිබඳ තව දුරටත් ඉගෙන ගැනීමට ඇති බව මෙම සොයාගැනීමෙන් පෙන්නුම් කරන බවයි.

“අන්වීක්ෂීය නොවන නව විශේෂයක් සොයා ගැනීම ඉතා උද්වේගකරයි. එමගින් පෙන්නුම් කරන්නේ තවමත් කළ යුතු වැඩ ඇති බවයි ” යනුවෙන් පරිසර, ආහාර සහ ජලජීවී වගා විද්‍යා මධ්‍යස්ථානයේ පීටර් බැරී පැවසීය.

මුහුදු හම්බෙල්ලන් යනු කැපී පෙනෙන විවිධත්වය සහ අලංකාරය සඳහා ප්‍රසිද්ධ වූ කට්ට රහිත සමුද්‍ර මොලුස්කා විශේෂයකි.

දිග සෙන්ටිමීටර 5ක් පමණ ලෙසින් ප්‍රමාණයෙන් කුඩාව සිටිය ද ඔවුන් ආහාර දාමයේ ප්‍රධාන ස්ථානයක් ගන්නා ඉහළම විලෝපිකයෙක් ලෙස හඳුනාගැනේ.

නව විශේෂය අයත් වන Pleurobranchaea කණ්ඩායමේ සාමාජිකයන් සාමාන්යයෙන් උතුරු ස්පාඤ්ඤයේ, සෙනගල් සහමධ්‍යධරණී මුහුද පුරා දක්නට ලැබේ.

“මීට පෙර සෑම විටම මෙම කණ්ඩායමට අයත් සතුන් උණුසුම් ජලයෙන් දැක තිබෙනවා,මින් නිරීක්ෂණය කරන දෙය නම් මෙම විශේෂ සමූහයට එහි පරාසය තවදුරටත් පුළුල් කිරීමට හැකි වන්නේ තත්වයන් වඩාත් හිතකර හෝ වඩාත් යෝග්‍ය වීම මත බවයි ,” රොස් බුලිමෝර් පැවසීය.

සාගර උෂ්ණත්වය වාර්තාගත මට්ටමක පැවතීමත් සමඟ සාගර ජීවීන් කෙරෙහි ඇති වන බලපෑම පිළිබඳ කණස්සල්ලක් පවතී.

උණුසුම් සාගර සහ තාප තරංග මාළු සහ තල්මසුන් වැනි සාගර විශේෂවලට බාධා කරන අතර ඔවුන් සිසිල් ජලය සොයා ගමන් කරන විට ආහාර දාමය අවුල් වෙයි.

එමගින් මත්ස්‍ය සම්පතට බලපෑම් එල්ල විය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

42.31%
17.27%
32.76%