August 14, 2024

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග තරගාවලිය ඇතුළු ඉදිරි තරග කිහිපයක් අහිමි වී තිබේ.

ඒ අනුව ඔහු වෙනුවට ඔලී පෝප් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත සංචිතයට ආදේශක ක්‍රීඩකයකු නම් නොකෙරෙනු ඇති බව ද වාර්තා වේ.

පසුගියදා පැවති ‘ද හන්ඩ්‍රඩ්’ තරගය අතරතුර බෙන් ස්ටෝක්ස් කලවා ආශ්‍රිත ආබාධයකට ලක් වී තිබිණි.