April 13, 2024

සිය පුරවැසියන්ට සහ රටේ පදිංචිකරුවන්ට නීත්‍යනුකූලව ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට පහසු වන නීතියක් ජර්මානු පාර්ලිමේන්තුව සම්මත කර තිබේ.

යම් කෙනෙකුගේ කලින් ලියාපදිංචි කළ නම හෝ ලිංගභේදය කැමැත්තෙන් තොරව හෙළිදරව් කිරීම සඳහා මේ යටතේ විශාල දඩ මුදල් ද හඳුන්වා දී ඇත.

මීට පෙර, කෙනෙකුගේ ලියාපදිංචි ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමට වෛද්‍ය සහතිකයක් සහ පවුල් අධිකරණයක අනුමැතිය අවශ්‍ය විය.

එහෙත් වයස අවුරුදු 18ට වැඩි අයට ජර්මානු නීතිය යටතේ දැනටමත් පවතින තුන්වැනි ලිංග විකල්පය වන පිරිමි, ගැහැණු හෝ විවිධ ලෙස වෙනස් කිරීමට
දැන් හැකියාව ලැබී තිබේ.

එවැනි වෙනසක් සඳහා වන ඉල්ලීමෙන් මාස තුනකට පසු, අයදුම්කරුවන්ට පෞද්ගලිකව ලියාපදිංචි කිරීමේ කාර්යාලයක පෙනී සිටීමට සිදුවනු ඇත.

මේ යටතේ ලිංගභේදය පිළිබඳ කිසිදු විස්තරයක් ලියාපදිංචි නොකරන ලෙසද ඉල්ලා සිටිය හැක.

යමෙකුගේ පෙර නම හෝ නීත්‍යනුකූල ස්ත්‍රී පුරුෂභාවය හිතාමතා සහ හානිකර ලෙස හෙළිදරව් කිරීමකට ව්‍යාතිරේකවලට යටත්ව යූරෝ 10,000 දක්වා දඩයකට යටත් විය හැකිය.
කෙසේවෙතත් මුල් නම් නව නීත්‍යනුකූල ලිංගභේදය නියෝජනය කිරීමට අවශ්‍ය වේ.

එනම් පිරිමි ප්‍රවේශයකට පිළිගත් පිරිමි මුල් නමක් අවශ්‍ය වන අතර කාන්තා ප්‍රවේශයකට පිළිගත් කාන්තා මුල් නමක් අවශ්‍ය වේ.

කෙසේවෙතත් ජර්මානු රජයේ මෙමෙ තීරණයට විවේචනද එල්ලවෙමින් තිබේ.

නීති සම්පාදනය අනිසි ලෙස භාවිත කළ හැකි බවට අනතුරු ඇඟවීම් කරමින් මෙම සැලසුම්වලට එරෙහිව අදහස් පළකළ අය අතර කොන්සර්වේටිව් සහ අන්ත දක්ෂිනාංශික AfD පක්ෂය සිටී.