August 10, 2023

අපනයනය කරන තේ වෙනුවෙන් බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 03 ක බලපත්‍ර ගාස්තුවක් අයකෙරෙනු ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ අත්සනින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේදී අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුය.

ශ්‍රී ලංකා තේ මණ්ඩල ප්‍රාග්ධන අරමුදල වෙත අදාළ ගාස්තු බැර කෙරෙනු ඇත.