Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් සිසුන් අතර ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි සති කිහිපය තුළ නව විෂය මාලාවක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා පවසයි.
එම අමාත්‍යංශයේ ඊයේ (2) පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව අදහස් දක්වමින් වෛද්‍ය චිත්‍රමාලී පැවසුවේ, දශක ගණනාවක් ශ්‍රී ලංකාවේ නිසි පරිදි ක්‍රියාත්මක නොවූ, ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ මෙරට අධ්‍යාපන ක්‍රමයේ හැකියාව නව විෂය මාලාව තුළින් ශක්තිමත් වනු ඇති බවයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් නොමැති පාසල් වෙත පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ කාර්ය මණ්ඩලය එක්කිරීමට කටයුතු කරන බවද ඇය පැවැසීය.
ඇය පෙන්වාදුන්නේ, පාසල් සිසුන් අතර ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුම නොමැතිකම සමාජ ගැටලු රැසකට අහිතකර ලෙස බලපාන බව කාර්යාංශය හඳුනාගෙන ඇති බවයි.
එසේම, අධ්‍යාපනඥයන්ගේ සහ ගුරුවරුන්ගේ කැපවීම නොමැතිකම සහ සංස්කෘතික හේතූන් මත, රජයන් කිහිපයක් විසින් ආරම්භ කරන ලද මෙවැනි වැඩසටහන් රාශියක් අඩාළ වී ඇති බවද ඇය පෙන්වාදෙයි.
මේ අතර, පසුගිය වසර හා සැසඳීමේදී මන්දපෝෂණය සහ අධික බර සහිත පාසල් ළමුන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළයෑම හේතුවෙන් යහපත් ආපනශාලා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පවුල් සෞඛ්‍ය කාර්යාංශය අවධාරණය කරයි.
පසුගිය 2022 වසරේ 19.5%ක් වූ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 21% දක්වා ඉහළගොස් ඇතැයි වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා වැඩිදුරටත් පෙන්වාදෙයි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart