January 11, 2024

රජයේ සේවකයන් කාර්යාලවල රැඳී සිටීමේ අනිවාර්ය වෙලාවන් සටහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව, රජයේ සේවකයන් උදෑසන 08.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතුවල නිරතවීම අනිවාර්ය වේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදුකරන බවට නිරීක්ෂණයතිරතුරු ලැබීමත් සමග මෙම නියෝග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම චක්‍රලේඛයට අනුව රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා පස්වරු 3.00 දක්වා විවෘතව තැබිය යුතු වේ.

ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැළඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණීම මෙමගින් අනිවාර්ය කර ඇත.

42.31%
17.27%
32.76%