August 24, 2023

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලේඛනාගාර සහ වාර්තා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත ලබන මස (සැප්තැම්බර්) අවසානයේ විෂය අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීර රූපසිංහ පවසන්නේ, ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීම සඳහා රාජ්‍ය ආයතනය සහ පුද්ගලයන්ගේ යෝජනා දෙපාර්තමේන්තුවට සැළකිව යුතු සංඛ්‍යාවක් ලැබී ඇති බවත්, මහජනතාවගේ අදහස් දැක්වීමේ වැඩසටහන් අවසන් වීමෙන් පසුව සියලුම යෝජනා එකම ලේඛනයකට එක්කරන බවත් ය.

අවසන් මහජන අදහස් වීමසීම හෙට (25) පෙ.ව 9.30 සිට කොළඹ 07 දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ඇති අතර ඒ සඳහා උනන්දුවක් දක්වන සියලුමදෙනාට පැමිණෙන ලෙස දෙපාර්තමේන්තුව ආරාධනා කරයි.

එම අවස්ථාවට සහභාගිවන අය සඳහා වාචිකව කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන අතරම පළමු වතාවට සහභාගිවන්නන් සඳහා පැය භාගයක කාලයක් ලබාදීමට නියමිතය.