Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ වඩමාරච්චි කුඩත්තනෙයි මුහුදු වෙරළට ඊයේ (10) සාමාන්‍යයෙන් ධීවරයන් භාවිත නොකරන හැඩයක බෝට්ටුවක් ගොඩගසා ඇත.
මුහුදු වෙරළට මදක් ඈතට පාවී පැමිණ තිබූ එම බෝට්ටුව පළාතේ ධීවරයින් විසින් ගොඩට ඇද තිබේ.
මෙම බෝට්ටුව ශ්‍රී ලංකාවේ කිසිම පළාතක ධීවරයන් හෝ වෙනත් පිරිස් භාවිත නොකරණ මාදිලියක බෝට්ටුවක් බව බෝට්ටුව පරීක්ෂා කළ ධීවර නිලධාරීන් හා නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.
එය ඉන්දියාවට අයත් බවට පැහැදිලි සාක්කි නොමැති නමුත් බෝට්ටුව ගැන යාපනයේ ධීවර නිලධාරීන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද තොරතුරු දැනුම් දී තිබේ.
අදාළ බෝට්ටුවේ සලකුණු හෝ වෙන කිසියම් අක්ෂරයක් නොමැති නිසා ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ කිසිම ධීවර සමීතියක එය ලියාපදිංචි කර නොමැති බෝට්ටුවක් බවට තොරතුරු හෙළි වී ඇත.
එම බෝට්ටුවේ කවරකුවත් පැමිණි බවටද සාධකයක් බෝට්ටුව පරීක්ෂා කළ ධීවර නිලධාරීන්ට හමු වී නොමැත.
නිලධාරීන් සැක පළකරන්නේ කිසියම් පිරිසක් මෙම බෝට්ටුවෙන් ගොඩබිමට පැමිණ බෝට්ටුව අතහැරීමක් හෝ අයහපත් කාලගුණික තත්ත්වය නිසා මුහුදේ පාවී යාපනයේ මුහුදු වෙරළට ගොඩගසන්නට ඇති බවය.
කෙසේවෙතත්, එලෙස මුහුදු වෙරළට ගොඩගැසූ එම බෝට්ටුවට පූර්ණ ආරක්ෂාව සලස්වා ඇති බව වාර්තා වේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart