January 5, 2024

කොස්ගම සීලානන්ද නමැති භික්ෂුවක් පැහැරගැනීමට ලක්ව තිබේ.

මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ, කොස්ගම, හිඟුරල, දෙහිගහලන්ද ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩවිසූ භික්ෂුන් වහන්සේ නමකි.

පෙරේදා (03) රාත්‍රී කාලයේදී නාඳුනන පිරිසක් විසින් මෙම භික්ෂුව පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව කොස්ගම පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

විහාරස්ථානයේ රාත්‍රී මුර සේවයේ යෙදෙන පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් අදාළ භික්ෂුව බලහත්කාරයෙන් ඊට නංවාගන්නා ආකාරය තමා දුටු බවයි.

42.31%
17.27%
32.76%