March 13, 2024

ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සන්නාමය අන්තර්ජාතික තලයට රැගෙන ගිය ‘දන්තජ ප්‍රීමියම් ඩෙන්ටල් චේම්බර්ස් ජංගම වෛද්‍ය සායනයක් ලෙස ‘දන්තජ ඔන් විල්ස්’ නමින් කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම සිදුවිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අති සුඛෝපභෝගී ජංගම බස් රථයක් තුළ සුව පහසු, ප්‍රතිකාර අසුන් දෙකක් සහිතව, ලොව නවීනතම තාක්ෂණය හා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය හා මග පෙන්වීම අනුව මුඛ සෞඛ්‍ය සේවා ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව දැන් උදාවී තිබේ.

අමාත්‍යංශ, සංස්ථා, අධිකාරි ඇතුළු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික විශ්ව විද්‍යාල හා අන්තර්ජාතික පාසල්, කර්මාන්ත ශාලා, ප්‍රදර්ශන භුමි ඉලක්ක කර ගනිමින් දන්තජ ඔන් විල්ස් ජංගම මුඛ සෞඛ්‍ය සේවා බස් රථය පහට දවසේ ඔබේ නගරයට, ගමට, ආයතන පරිශ්‍රයට පැමිණෙනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් දන්තජ ප්‍රීමියම් ඩෙන්ටල් චේම්බස්හි මෙන්ම ‘දන්තජ ඔන් විල්ස්’ හි පුරෝගාමී විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර මෙසේ පවසයි.

” අපි කරමින් සිටින්නේ හුදු දන්ත සායනයක් නෙවෙයි. හදිසි අනතුරු ආදියෙන් හෝ උපතින් පවා සිදුවිය හැකි යම් යම් විකෘතිතාවන් ඇතුළු ඕනෑම මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රතිකාර හා සත්කාරක සේවා අපි කරනවා. එහිදී ලෝකයේ දැනට භාවිතා කෙරෙන ඉහළම තාක්ෂණය, නවීන වෛද්‍ය උපකරණ, සත්කාරක සේවා සමඟ විශේෂඥ පුහුණුව ලද කාර්ය මණ්ඩලය ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න බැඳී ඉන්නවා. සමහරවිට ලෝකයේ දියුණුම් රට වලටත් වඩා වැඩි කාර්යක්ෂමතාවකින්

‘දන්තජ ඔන් විල්ස් ‘ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට රෝගී සත්කාරය වෙනුවෙන් සුව පහසු ආසන දෙකක් සහිතව නිර්මාණය කරලා, නගරයෙන් නගරයට සංක්‍රමණය වන පළවෙනි දන්ත සෞඛ්‍ය සේවා බස් රථයයි. අපි අදාළ තැන්වලට ගිහින් උදේ ඉඳන් හවස් වෙනකල් සම්පුර්ණයෙන්ම ඒ අයගෙ දස් පරික්ෂා කරලා, සියලුම ලෙඩ රෝග ගැන සම්පුර්ණ වෛද්‍ය වාර්තාවක් එදාම ලබා දෙනවා. එකකොට ඒ අයට තමන්ගේ දත් සම්බන්ධව තියන ගැටලු මොනවද කියලා කල් තියාම හඳුනාගන්න ලැබෙනවා. ඒ ප්‍රශ්නය ඔඩුදුවන්න කලින් අපි හරහා හෝ වෙනත් දන්ත සායනයක් හරහා හෝ ඊට ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට කැකිවෙනවා. අදාළ සමාගමෙන් නම් ඒක කරන්නේ. ඒක ඒ ආයතනයට ලාබයි. රෝගය ඔඩු දුවන්න කලින් විසඳාගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. වියදම අඩුයි. මොකද අපි ළඟටම ගිහින් කමා ඒක කරන්නේ. එයාලට ගමන් වියදම් හෝ කාලය මිඩංගු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙව්වර කාලෙකට ලංකාවේ දන්ත සෞඛ්‍ය සේවයට බ්‍රෑන්ඩ් එකක් තිබුණේ නෑ. ගිටියා නම් සිටියේ ජනප්‍රිය වෛද්‍යවරුන් පමණයි. ඒත් ‘දන්තජ’ කියන්නෙ බ්‍රැන්ඩ් එකක්. මේක ප්‍රිමියම් ඩෙන්ට්‍රිස්ට් බ්‍රැන්ඩ් එකක්.”