February 9, 2025

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සහ දක්ෂ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ප්‍රශංසා කළේය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයත් සමඟ දිමුත් සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවිය අවසන් කළේය.

දිමුත් කරුණාරත්න සිය සමුගැනීමේ ටෙස්ට් තරගයේදී ලකුණු 36ක් සහ ලකුණු 14ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව තරගය කඩුලු නවයකින් ජයග්‍රහණය කරමින් තරඟ දෙකකින් සමන්විත තරගාවලිය සම්පූර්ණ කළේය.

“දිමුත් ඉතා හොඳ වෘත්තීය ජීවිතයක් ගතකර ඇති අතර, ඔහු ක්‍රීඩාවේ වඩාත් සාම්ප්‍රදායික ආකෘතියේ පිතිකරුවකු ලෙස විශිෂ්ට ලෙස කටයුතු කර තිබේ. ඔහු සිය රට වෙනුවෙන් ටෙස්ට් තරග 100කට සහභාගී වූ හත්වැනි ක්‍රීඩකයා බවට පත්විය” යනුවෙන් ICC සභාපති ජේ ෂා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

“ඔහුගේ කැපවීම කිසිවකට දෙවැනි නොවන අතර ඔහු ක්‍රීඩාවේ විශිෂ්ට තානාපතිවරයෙකි. ලොව පුරා සිටින ටෙස්ට් ක්‍රිකට් රසිකයන් ඔහුව නිරන්තරයෙන් සිහිපත් කරනු ඇතැයි මට විශ්වාසයි” එම නිවේදනයේ සඳහන් වේ.

“ICC වෙනුවෙන්, මම ඔහුට විශිෂ්ට වෘත්තීය ජීවිතයක් සඳහා සුබපතමි, අනාගතය සඳහා ඔහුට සියලු සුභ පැතුම් පිරිනමමි. විවිධ රටවල ක්‍රීඩා කිරීමේ ඔහුගේ අත්දැකීම් භාවිත කරමින් ඉදිරි වසරවලදී ඔහු ක්‍රීඩාවට දායක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” යැයිද ජේ ෂා පවසා ඇත.

දිමුත් කරුණාරත්න 2011 දී මැන්චෙස්ටර් හිදී එංගලන්තයට එරෙහිව එක්දින තරගයකදී අන්තර්ජාතික තරග බිමට පිවිසියේය.

42.31%
17.27%
32.76%