Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙවියන් ආමන්ත්‍රණය කිරීමට තමන්ට හැකියාවක් නැති බව විශ්වාස කරන මෙරට සාමාන්‍ය ජනතාව දෙවියන් ආමන්ත්‍රණය කරන සාමාන්‍ය මාධ්‍ය කපුවන් බවටත්, දෙවියන්ගේ ඒජන්තවරයා කපුවන් බවටත් විශ්වාස කරමින් ඔවුන් සොයායෑම හේතුවෙන් ඇතැම් කපුවන් සිය බලය අයුතු ලෙස යොදා ගනිමින් සදාචාර විරෝධී සහ නීතිවිරෝධි ක්‍රියා සිදුකරන බව මහනුවර මහාධිකරණයේ රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
රජයේ අධිනීතිඥවරිය මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රවණාබාධයකට තෙල් සාත්තුවක් කර ගැනීමට ගිය විසි හැවිරිදි මානසික දුබලතාවයකින් පෙළෙන තරුණියක බරපතළ ලෙස දූෂණය කළ බවට මහනුවර මම්පිටිය දේවාලයේ සේවය කළ කපුවකුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ පැවැති නඩුවක් මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි ඉදිරියේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් දීර්ඝව කරුණු දක්වමිනි.
මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ මෙසේද කීවාය.
”මෙම නඩුව මෙම අධිකරණයේ එදිනෙදා විභාගයට ගන්නා නඩුවල කතා වස්තූන්වලට වඩා හාත්පසින්ම වෙනස් නඩුවක්. ඊට හේතුව මෙම නඩුව කපුවකු විසින් වයස අවුරුදු 20ක මානසික ආබාධ සහිත තරුණියකට සිදු කරන ලද ස්ත්‍රි දූෂණයක් හා බැඳුණු සිද්ධියක්. ශ්‍රී ලංකාවේ ජනතාව විශ්වාස කරන සහ අදහන ප්‍රධාන ආගම් කිහිපයක් තිබෙනවා. ජනතාව දෙවිවරු විශ්වාස කරන්න පෙළඹී සිටිනවා. ජනතාවගේ මේ දේව විශ්වාස සමඟ තමයි කපුවන් බිහි වන්නේ. දෙවියන් ආමන්ත්‍රණය කරන සාමාන්‍ය ජනතාවගේ මාධ්‍ය ලෙස කටයුතු කරන්නේ කපුවන්. ඒ නිසා සාමාන්‍ය ජනතාව ඔවුන් විශ්වාස කරනවා.
දෙවියන්ව ආමන්ත්‍රණය කිරීමට සාමාන්‍ය ජනතාවට හැකියාවන් නැහැ කියා ජනතාව විශ්වාස කරනවා. දෙවියන් පිළිබඳව භක්තියෙන් සහ විශ්වාසයෙන් කටයුතු කරන සාමාන්‍ය ජනතාව මේ කපුවන් සොයාගෙන යන්නේ මොවුන් ළඟ තිබෙන මේ විශ්වාසය මත ජනතාවට තිබෙන දුක්ගැනවිලි, අසරණකම් සම්බන්ධයෙන් දෙවියන්ට තිබෙන බලය තුළ පිලිසරණක්, ආරක්ෂාවක්, සැනසීමක් බලාපොරොත්තුවෙනුයි.
මෙන්න මේ විශ්වාසය සහ භක්තිය තමයි මෙම විත්ති කූඩුවේ සිටින විත්තිකරු ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ. අධිචෝදනා පත්‍රයේ සඳහන් අධි චෝදනාවේ වරද සිදුකිරීමට කපුවකු ලෙස පෙනීසිටීමින් එය ප්‍රයෝජනයට ගනිමින් සහ දේව භක්තිය ප්‍රයේජනයට ගනිමින් තමයි මෙම විත්තිකරු දණ්ඩ නීති සංග්‍රහයේ 364(1) වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණයක් සිදුකර තිබෙන්නේ. මෙය එක් අතකින් දෙවියන්ටත් සිදු කළ නිග්‍රහයක්. තම කාර්යය නිසි ආකාරයෙන් සිදුකරන කපුවන්ද නැතුවාම නොවෙයි. මෙම විත්තිකරු වැනි කපුවන් සිදුකර තිබෙන්නේ ඔවුන්ට ද නිගා කිරීමක්. විත්තිකාර කපුවා සිය පෞද්ගලික බලය පාවිච්චි කර කපුවන් කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ හෙළීමක් සිදුකර තිබෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ තාරකා කෝදාගොඩ පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ නිමල් සුරවීර පෙනීසිටියේය.
මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර ඇත්තේ පේරාදෙණිය, කැලියල්පිටිය, අංක 135/ බී ලිපිනයේ කේ.යූ.ජී. රෝෂාන් නොහොත් රෝෂා නමැති කපුවෙකි .ඔහු විදුලිබල මණ්ඩලයේ හිටපු කම්කරු සේවකයෙකි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart