April 5, 2024

සමගි ජන බලවේගය සන්ධානයට එක්වීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

සමගි ජන බලවේගයට සහාය පළකර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වසන්ත යාපා බණ්ඩාර සහ කේ.පී.එස්. කුමාරසිරි යන පිරිසයි.

මෙම මන්ත්‍රීවරුන් හය දෙනා සමගි ජන බලවේගය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම නව සන්ධානයක් පිහිටුවීම සඳහා මුලපිරීමකි.

ශාන් විජයලාල් ද සිල්වා, ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ වසරේ සමගි ජන බලවේගය සඳහා සහාය පළකර තිබිණි.

42.31%
17.27%
32.76%