Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ උතුර හා නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.
උතුර හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් සංවර්ධනයට අදාළ කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමුව තිබේ.
උතුර හා නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එස්. රාසමාණික්‍යම්, ජී. කරුණාකරන්, ටී. කලෙයි අරසන්, කුලසිංහම් දිලීපන් යන පිරිස මීට එක්ව සිටි අතර අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අගමැති ලේකම් අනුර දිසානායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම් .සී එම්. හේරත්, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.පී.බී හේරත් යන අයද සංහිඳියා ක්‍රියාවලියට අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart