
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ළමුන් 9,000 කට වැඩි පිරිසක් ඔටිසම් තත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබේ.
පාර්ලිමේන්තුවේ පැවති කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශන කාරක සභාවේදී ඔටිසම් තත්වය සහ දරුවන්ට ඇති වන බලපෑම පිළිබඳ සංඛ්‍යාලේඛන මත පදනම්ව සාකච්ඡා කර ඇත.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ශ්‍රී ලංකාවේ ඔටිසම් තත්වයන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් පැවතීම පිළිබඳව නිලධාරීන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබේ.
එම කමිටුවේ සභාපති කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අවධාරණය කර තිබුණේ, නිසි රෝග විනිශ්චයක් නොමැතිකම හේතුවෙන් බොහෝ දරුවන් විවිධ ආබාධවලට ලක්වන බවයි.
වර්ධන අවධීන්හිදී ඔටිසම් තත්වය හඳුනාගැනීමේදී මුල් රෝග විනිශ්චය ඉතා වැදගත් වන අතර එමඟින් සෞඛ්‍ය සම්පන්න සංවර්ධන මාවතක් සඳහා කාලෝචිත මැදිහත්වීමක් සහ මගපෙන්වීමක් ලබාගත හැකි බව ඇය අවධාරණය කර ඇත.
ඒ අනුව, වින්නඹු මාතාවන්ගේ අධීක්‍ෂණයෙන් ආරම්භ වී මුල් ළමාවිය සංවර්ධන අවධීන් දක්වාම උපතේ සිටම සක්‍රීය නිරීක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ඇය පෙන්වා දී තිබේ.
ඒ අනුව ඔටිසම් සහිත දරුවන් සඳහා තෝරාගත් කලාපවල ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුනක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.
යෝග්‍ය සංවර්ධන අවධීන් තුළින් දරුවන්ට උපකාර කිරීමේ අරමුණ ඇතිව, මෙම මුලපිරීම සඳහා අවශ්‍ය විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද එහිදී යෝජනාවී තිබේ.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවට දැනුම් දී ඇත්තේ, අධ්‍යාපන විද්‍යාපීඨවල ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මාස හයක පුහුණු වැඩසටහනක් යෝජනා කර ඇති බවයි.
ආබාධ සහිත දරුවන්ට අනෙක් දරුවන්ට සමානව සැලකීමට අවශ්‍ය දැනුම හා ආකල්පවලින් ඔවුන්ව සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
අවදානමට ලක්විය හැකි දරුවන් ආයතනගත කරනවාට වඩා පවුල් පරිසරයක් තුළ ඔවුන්ට රැකවරණය සැලසීමේ වැදගත්කම පිළිබඳව ද කමිටුව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
එහිදි පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැහැදිලි කර ඇත්තේ, දරුවකු පරිවාස භාරයට පත්කිරීම අධිකරණ ක්‍රියාවලියක් හරහා පමණක් සිදුකරන බවයි.
ආයතනික රැකවරණයට වඩා පවුල් මූලික රැකවරණයට ප්‍රමුඛත්වය දීමේ වැදගත්කම පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart