August 25, 2024

අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ 7ක මුදලකට වෙන්දේසි වූ පුවතක් යාපනය, නාගර්කෝවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ.

නාගර්කෝවිල් ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් මෙලෙස රුපියල් ලක්ෂ 7කට වෙන්දේසි වූ බව එම කෝවිලේ පාලනාධිකාරිය පවසයි.

සතියක් පුරා පැවැත්වෙන කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ පැවති වෙන්දේසියේදී මෙම සිදුවීම වාර්තා වී ඇත.

දෙවියන් වෙත වූ බාරයක් ඔප්පු කිරීම සඳහා යාපනය, නාගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එම අඹ ගෙඩිය රුපියල් ලක්ෂ 7ක මුදලට මිලදී ගෙන තිබේ.

පසුව ඔහු අඹ ගෙඩිය දෙවියන් වෙනුවෙන් පූජා කර ඇත.

අඹ ගෙඩිය වෙන්දේසි වී ලැබුණු මුදල් කෝවිල සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බව කෝවිල් පාලක සභාව පවසයි.