March 31, 2024

දෙහිවල – මහරගම ප්‍රධාන මාර්ගයේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ස්පා ආයතනයක සේවය ලබා ගත් 52 හැවිරිදි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පවසන්නේ, මියගිය පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

මිය ගිය පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් මියයන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර, බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%