Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තොගයක් බිම දමා පාමින් සිටි යාපනයේ පුණ්‍ය ආයතනයක ප්‍රධානියා යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත 10 වැනිදා මුදා හරිනු ලැබීය.
යාපනය නගරයේ බංකුවක් අසල දී රුපියල් හැට පන්දහසක මුදලක් එම පුණ්‍ය ආයතන ප්‍රධානියා විසින් බිම දමා සපත්තුවලින් පාමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කියා සිටියේ ඔහු මුදල් නෝට්ටු පාගා දැමුවේ මුදල් නෝට්ටුවලට අගෞරව කිරීමට නොව ඔහුට නෝර්වේ සිට ලැබුණු විශාල මුදලක් අහිමිවී යෑම නිසා උපන් වේදනාව තුනී කර ගන්නට බවයි.
එම අවස්ථාවේ දී ඔහු ඉතා ආවේගශීලී වූ බවත් ඔහු මුළු උතුරු පළාතේම වැසියන්ට විවිධ අවශ්‍යතා මත සහය ආධාර කරන පුද්ගලයකු බවත්, සිදු වූ වරදට ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
ඒ අනුව ඔහුට තරයේ අවවාද කොට පුද්ගලයන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
මුදල්වලට අගෞරව කිරීමේ චෝදනාව යටතේ මොහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart