42.31%
17.27%
32.76%
September 24, 2024

69 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයකු චෝදනා දෙකක් යටතේ වරදකරු කරමින් ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර විසින් එක් එක් චෝදනාවට වසර හත සහ 15 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

මෙම සිරදඬුවම් වසර 15කින් සමගාමීව ගෙවන ලෙස ද ඇය නියෝග කළාය.

සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 20,000ක දඩයක් නියම කළ අතර වින්දිතයාට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 5ක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක්ද වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් වසරක සිරදඬුවමක්ද නියම විය.

විත්තිකරු වන හීනටිගල පේඩිගේ රොෂාන් මධුසක නොහොත් ‘හිච්චි කොල්ලා’ ගාල්ල තෙලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු 2013 ජනවාරි 18 වැනිදා රාත්‍රියේ වින්දිත කාන්තාවගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගුවන් විදුලියෙන් අනුශාසනාවකට සවන් දෙමින් සිටි ඇයව දූෂණය කර තිබේ.

දඬුවම් නියම කරමින් විනිසුරුවරිය ප්‍රකාශ කළේ ඔහුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව තහවුරු කර ඇති බවයි.

 

42.31%
17.27%
32.76%