February 12, 2025

විවිධ හේතූන් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආසන්න වශයෙන් රුපියල් බිලියන 5 ක ආදායමක් අහිමි වී ඇත.

අතුරුදන් වූ හෝ සාවද්‍ය වාර්තා හේතුවෙන් බදුකරුවන් සොයාගැනීමට නොහැකි වීම ඇතුළු ගැටළු ඊට හේතුවී ඇතැයි වාර්තා වේ.

මෑතකාලින විගණන වාර්තාවකට අනුව අනාවරණ වී ඇත්තේ, 2022 දෙසැම්බර් 31 වන විට, නැව් නියෝජිතයන් විසින් රුපියල් මිලියන 4,795 ක ගෙවීම් පැහැරහැර ඇති බවයි.

2024 වසර අවසන් වන විට මෙම මුදල තවත් ඉහළ ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කර ඇතැයි Ceylon Today පුවත්පත වාර්තා කර තිබේ.

ජාතික සංවර්ධනය සඳහා යෙදවිය හැකිව තිබූ ආදායම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අහිමි වීම දූෂණ වංචා පිළිබඳව කනස්සල්ලට ද හේතු වී ඇත.

මෑත කාලීන අධිකරණ නඩු පහකදී අනාවරණ වී ඇත්තේ නිවැරදි බදු ගැනුම්කරු තොරතුරු නොමැති වීම හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 11.9 ක් එකතු වී නොමැති බවයි.

මෙම නඩු අතරින් 4ක් නැව් නියෝජිතයන්ට එරෙහිව ශ්‍රී ලංකා වරාය අධිකාරියට කුලී ගෙවීම් ලෙස රුපියල් මිලියන 5.2 ක මුදලක් පැහැරහැරීමට අදාළව ගොනුකර ඇත.

අධිකාරියට පක්ෂව අධිකරණය තීන්දුවක් ලබාදුන්නද බදු දී ඇති අයගේ ස්ථිර ලිපිනයන් නිසි ලෙස සටහන් කර නොතිබීම නිසා අයවිය යුතු මුදල් අයකර ගැනීමට නිලධාරීන්ට නොහැකි වී තිබේ.

තවත් නඩුවකින් රුපියල් මිලියන 6.7 ක බදු අයකිරීම වැළකී ගොස් ඇති එවැනිම ගැටළුවක් අනාවරණ වී තිබේ.

මෙම පැහැරහැරීම් සිදුකළ පාර්ශව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තම මූල්‍ය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම වසර කිහිපයක සිටම ක්‍රියාත්මක වී ඇත.

නැව් නියෝජිතයන් සහ පෞද්ගලික ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී ව්‍යාපාරික තොරතුරු නිසි ලෙස තහවුරු කිරීම සහ ලේඛනගත කිරීම සිදුකළ යුතුව තිබූ බව වරාය වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%