March 31, 2025

සෑම පැය 04කට වරක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළිකරයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇති බවයි.

මාර්ග අනතුරු වළක්වා ගැනීම සදහා ක්‍රමවත් සහ ස්ථීරසාර අඛණ්ඩ වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් වටිනා ජීවිත අකාලයේ අහිමිවීම අතිශය ශෝචනීය තත්ත්වයක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

රිය අනතුරු සහ මාර්ග අනතුරු වළක්වාගැනීම සම්බන්ධව විද්‍යාත්මක සොයාබැලීමක්,පර්යේෂණ වැඩසටහන් හෝ අධ්‍යයනයක් මෙරට තුළ සිදුනොවීම කනගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.