Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න පිළිබඳව 2023 නොවැම්බර් මස 10 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදැයි කියන අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24දෙනකුගේ අත්සනින් කථානායකවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කරුණු 10ක් ඇතුළත් කර ඇති එම ලිපියට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු 24දෙනකු අත්සන් තබා තිබේ.
උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු විසින් එම පාර්ලිමේන්තුවේ වගකීම් ඉටුකරනු ලබන වගකිවයුතු නිලධාරියකුට අසත්‍ය හා පදනම් විරහිත චෝදනා සිදුකිරීම සම්බන්ධයෙන් ගතහැකි උපරිම නීත්‍යනුකූල පියවර ගතයුතු බව වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වශයෙන් සිය විශ්වාසය බව එම ලිපියෙහි දක්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිගේ මෙම වගකීම් විරහිත හැසිරීම මඟින් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ උප ලේඛනයේ “ආ” කොටසේ අංක 5හි සඳහන් “පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදී හෝ කාරක සභාව තුළදී හෝ පාර්ලිමේන්තු භූමිය තුළදී පාර්ලිමේන්තුවේ නිලධාරියකුට පහරදීම හෝ ප්‍රතිරෝධය පෑම නැතහොත් ඔහුගේ කටයුතු වලට සිතාමතා මැදිහත්වීම” යන වරද සහ අංක 7හි සඳහන් “පාර්ලිමේන්තු භූමිය තුළ ගරුසරු නැතිව හැසිරීම” යන වරදවල් සංස්ථාපනය වන බැවින් එකී වරදවල් පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ දඬුවම් කළ හැකි වැරදි ගණයට ඇතුළත් වන බවද ලිපියෙන් පෙන්වාදෙයි.
එකී පනතේ 28 වැනි වගන්තිය අනුව එම වැරදි සඳහා පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය හැකි දඬුවම් දක්වා ඇති බවද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart