42.31%
17.27%
32.76%
September 19, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අගවිනිසුරුවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම ඇතුළත් ලිපියක් වෛද්‍ය චමල් සංජීව අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාරදීමට කටයුතු කර ඇත.

අගවිනිසුරුවරයා වෙත යොමුකර ඇති එම ලිපිය මගින් එම සංවිධානය කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෑතක සිට හදිසි මිලදීගැනීම් බව සඳහන් කරමින් විශාල වශයෙන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.

මෙම හදිසි මිලදී ගැනීම්වල දී ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ගැටලු මතුවී තිබෙන බවත්, ඒවා මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමක් සිදුනොවන බවත් එම සංවිධානය චෝදනා කර සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වැනි වගන්තිය යටතේ මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත්, ඒ අනුව මෙම ඉල්ලීම පදනම් කරගෙන නඩු කටයුත්තක් ආරම්භ කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදීගැනීම් කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම සංවිධානය විසින් අගවිනිසුරුවරයා වෙත භාරදුන් ලිඛිත ඉල්ලීමේ අයැද තිබේ.

42.31%
17.27%
32.76%