Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අපහාසාත්මක ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ නීතීඥයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
මෙම නීතීඥවරයා අප්‍රේල් මස 03 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය.
මෙම නඩුවේ විභාගය අවසන් වනතුරු මෙම නීතීඥවරයාට නීතිමය කටයුතුවල නිරතවීම අත්හිටුවන ලෙසද අධිකරණය නියෝග කළේය.
නීතීඥ සුසිල් ප්‍රියන්ත ජයතුංග නැමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොතකමින් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන අයුරින් හැසිරුණු බවට චෝදනා එල්ල විය.
ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තවදුරටත් නීතිපතිවරයාට නියම කළේ, මේ සම්බන්ධයෙන් නීතීඥවරයාට එරෙහිව රීතියක් කෙටුම්පත් කර, මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
නීතීඥවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාගැනීම සඳහා මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරමින් අධිකරණය වැඩිදුරටත් නියෝගයක් නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart