January 16, 2025

ගාල්ලේ ටැමරින්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සතු ඒෂියා ලෙෂර් ලිමිටඩ් සමාගමට එම හෝටල් පාලනයෙන් ඉවත් වීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

ටැමරින්ඩ් හෝටලයේ හිමිකරුවන් වන ගුණවර්ධන නම් පවුලක් විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලූ ප්‍රදීප් හෙට්ටිආරච්චි සභාපතිත්වයෙන් යුත් කොළඹ වාණිජ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

ගුණවර්ධන පවුල විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ වසර ගණනාවක් නොගෙවූ කුලිය සහ වලංගු බදු ගිවිසුමක් නොමැතිව ඒෂියා ලෙෂර් හෝටලය පවත්වාගෙන යෑම හේතුවෙනි.

යටත් විජිත විලාසිතාවෙන් යුතු සුඛෝපභෝගී හෝටලයක් බවට පරිවර්තනය වූ වසර 250ක් පමණ පැරණි මන්දිරයක් වන ටැමරින්ඩ් හිල්, ගාල්ලේ ප්‍රධාන පෙළේ හෝටල්වලින් එකකි.

එසේ තිබියදීත්, ඒෂියා ලෙෂර් විසින් කුලී ගෙවීමට අපොහොසත් වීම මෙම නීතිමය පියවර ගැනීමට හේතු වී තිබේ.

ගුණවර්ධන පවුලේ හිමිකම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගය මගින් පෙනී යන්නේ ඒෂියා ලෙෂර් හි කළමනාකරණ කණ්ඩායමේ ඇති වගවීමක් නොමැතිකමයි.

තවද, ඒෂියා ලෙෂර් හි මව් සමාගම වන ඒෂියා කැපිටල් සමාගමේ සෘණ ශුද්ධ වත්කම් සහ ඉපැයීම් සමඟ පවතින මූල්‍යමය පරිහානිය එම සමාගමේ නායකත්වය යටතේ සෙසු ආයතන පාලනය කිරීම සම්බන්ධයෙන් ගැටලු මතු කර තිබේ.

සංජේ ෆොන්සේකාගේ උපදෙස් පරිදි කනිෂ්ඨ නීතිඥ කෝසල ගරුසිංහ සහ කල්පනි රත්නායක සමඟ ජනාධිපති නීතිඥ අවින්ද්‍ර රොද්‍රිගෝ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

සර්රාවණන් නීලකන්දන් නීති සහකාර සමාගමේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, ඒෂියා ලෙෂර් ලිමිටඩ් වෙනුවෙන් පෙනී සිටියේය.

(Daily FT)

https://www.ft.lk/front-page/Commercial-High-Court-orders-winding-up-of-Asia-Leisure/44-771822

42.31%
17.27%
32.76%