42.31%
17.27%
32.76%
September 23, 2024

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා ඇතුළත් වෙබ් ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වෙබ් ජනමාධ්‍යවේදියෙක් වන ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් වරදකරු බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

එලෙස අපහාස කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට දඩුවම් දිය යුතු බවට ද අධිකරණය වැඩිදුරටත් තීන්දු කළේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර විත්තිකරු අධිකරණය මගහැර රටින් පිටව ගොස් ඇති බැවින් විත්තිකරු නොමැති අවස්ථාවක අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගය සිදු කෙරිණි.

අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට අල්ලස් සහ දුෂණ චෝදනා එල්ල කරමින් 2020 අප්‍රේල් 30 වැනි දින lankanewsweb.org වෙබ් අඩවියේ පළ කරන ලද වෙබ් ලිපියක් පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් එම වෙබ් ජනමාධ්‍යවේදියාට එරෙහිව නඩුව ගොනු කර තිබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

 

42.31%
17.27%
32.76%