October 30, 2023

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය ලබන වසරේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය පවසයි.

අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මේ බව කියා සිටියේ පසුගිය සතියේ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න හමුවීමෙන් අනතුරුවය.

“එක්සත් ජනපදය 2024 දී අපගේ ඉදිරි සහයෝගිතාව ප්‍රදර්ශනය කිරීම සඳහා නාවික හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට අපේක්ෂා කරයි. 75 වසරක අපගේ රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්වය කලාපයේ ආරක්ෂාව සහ ශ්‍රී ලංකාව ශක්තිමත් කරයි.” යැයි තානාපතිනිය පවසා ඇත.

මෙම අභ්‍යාසය Afloat Readiness and Training (CARAT) නමැති දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පදනම් කරගනිමින් සිදුකෙරේ.

CARAT යනු කලාපීය ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ සමුද්‍රීය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ක්‍රියාත්මක කෙරෙන ද්විපාර්ශ්වික අභ්‍යාසයකි.

42.31%
17.27%
32.76%