Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියානු යුද හමුදාව සමග එක්ව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා දෙරටේම නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබේ.
අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රුසියාව බලා ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත රුසියානු සහකාර නියෝජ්‍ය ඇමැති Andrey Rudenko සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති A.V. Fomin හමුවූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
රුසියාව බලා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ජුනි 26 සිට 27 දක්වා සාකච්ඡා සඳහා දින වෙන්කර තිබිණි.
රාජ්‍ය ඇමැති බාලසූරිය ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිස එහිදී රුසියානු සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් කොන්ත්‍රාත් පදනම මත නැවත ගෙන්වා ගැනීම සම්බන්ධ එකඟතාවකට රුසියාව එකඟ කරගෙන ඇති බව වාර්තා වේ.
ක්‍රියාන්විතයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනා සහ තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීම, සම්බන්ධ කරගත නොහැකි ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය, ස්වේච්ඡාවෙන් ආපසු පැමිණීමේ හැකියාව, කොන්ත්‍රාත්තු කඩිනමින් අවසන් කිරීම සහ වේතනය විධිමත් කිරීම යන කරුණු මෙම සාකච්ඡාවලදී අවධානයට ගැනුණු බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පී එම් අම්සා, අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න, හිටපු තානාපති ආචාර්ය සමන් වීරසිංහ සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart