April 17, 2025

ඊයේ (16) සවස සංචාරකයන් බෙදාගැනීමේ ආරවුලකදී මාර්ගෝපදේශකයකුට පිහියෙන් ඇනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සංචාරක මාර්ගෝපදේශකයකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි කරුණාමුණි සුමිත් රොෂාන් ද සිල්වා (39) නමැත්තා පොලිසියට පවසාඇත්තේ තමා සමඟ ගනුදෙනු කරමින් සිටි සංචාරකයකු සැකකරු විසින් රවටා ගෙන ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරුට ඔහුට පිහියෙන් ඇන ඇත.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.