November 8, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් රාජකාරි කාලගුණ විද්‍යාඥයන් සංඛ්‍යාවක් නොමැති බව අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.එම්.පී. මෙන්ඩිස් හෙළිකරයි.

දෙපාර්තමේන්තුවට අවම වශයෙන් කාලගුණ විද්‍යාඥයින් 38 දෙනෙකු අවශ්‍ය වන නමුත් දැනට 10 දෙනෙකුගේ අඩුවක් පවතින බව ඔහු පවසයි.

“නිවැරදි කාලගුණ අනාවැකි ලබාදීම සඳහා දෙපාර්තමේන්තුව විවිධ ආයතනවලින් විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරනවා. කෙසේවෙතත් කාලගුණ විද්‍යාඥයන් කිහිපදෙනෙක් රට හැරගොස් තිබෙනවා,” ඔහු සඳහන් කරයි.

කාලගුණ විද්‍යා කණ්ඩායම් කොළඹ එම දෙපාර්තමේන්තුවේ, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සහ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ස්ථානගත කර ඇත.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ කළමනාකාරිත්වය දැන් විදේශ සමාගමක් විසින් මෙහෙයවීමත් සමඟ එහි ස්ථානගතව සිටි කාලගුණ විද්‍යාඥයන් යළි කොළඹට අනුයුක්ත කර ඇත.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ මූලික කාලගුණ නිරීක්ෂණ පමණක් සිදුකෙරේ.

42.31%
17.27%
32.76%