Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලී ටර්ලාමිස් ඕ.ඒ.එම්. (Lee Tarlamis OAM), පවුලින් රිචඩ්ස් (Pauline Richards) සහ ගැරී මාස් (Gary Mass) ඇතුළු දූත පිරිසක් ඊයේ (04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.
මෙහිදී දූත පිරිස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න හමුවිය.
එහිදී ශ්‍රී ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාති විශ්වවිද්‍යාලය, පාර්ලිමේන්තු දෙකෙහිම පවතින ආංශික අධීක්ෂණ කාරක සභා, මැතිවරණ ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් පිළිබඳව සහ ශ්‍රී ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන අවස්ථා තවදුරටත් වැඩිකිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්විණි.
මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියාවේ ධම්ම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සෙවණගල නන්දරතන හිමි, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන පිරිස ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අනතුරුව දූත පිරිස පාර්ලිමේන්තුවේ සංචාරයක ද නිරත වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart