39.26%
17.48%
34.3%
September 4, 2023

නව කම්කරු නීති ප්‍රතිංස්කරණයත් සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විරැකියා රක්ෂණය, මාතෘ ප්‍රතිලාභ, සේවා ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂා කිරීම වැනි යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා මේ වන විට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ පද්ධතිය පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීම සදහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේ සිව් දින නිල සංචාරයක නිරතව සිටී.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සහාය ඇතිව මෙම අධ්‍යයනය සංවිධානය කර ඇති අතර ජපන් රජයද ඒ සදහා දායකත්වය ලබාදෙයි.

ඉන්දුනීසියාවේ මේ වන විට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ පද්ධතිය පිළිබද මෙහිදී දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමට අපේක්ෂිත අතර එය ලංකාවේ සන්දර්භයට අනුගත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

කම්කරු නීති ප්‍රතිංස්කරණය කිරීම සම්බන්ධයෙන් වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හිදී විරැකියා රක්ෂණයක් හදුන්වාදීම, මාතෘ ප්‍රතිලාභ, සේවා ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂා කිරීම වැනි යෝජනා ඉදිරිපත් විය.

ඒ අනුව ලංකාවට ගැලපෙන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා දැනට ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේදය පිළිබද අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලීම් කර තිබු අතර ඒ අනුව මෙම සංචාරය සංවිධානය කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීරගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත කණ්ඩායමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, වෘත්තීය සමිති නියෝජිතයින්යෝ, හාම්පුත්න්ගේ සංගමයේ නියෝජිතයෝ ඇතුළත් වෙති.

මෙම නියෝජිත කණ්ඩායම ඉන්දුනීසියාවේ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය වන BPJS Ketenagakerjaan හි සභාපති සහ අධ්‍යක්ෂ Anggoro Eko Cahyo ද හමුවී සාකච්ඡා කළහ.

එහි මහජන දිනය වෙතද ගිය නියෝජිත කණ්ඩායම අධ්‍යක්ෂවරු විවිධ ස්ථානවලදී සාමාජිකයන්ට හා ප්‍රතිලාභීන්ට සහාය ලබාදෙන ආකාරය ගැනද අධ්‍යයනය කරනු ලැබූහ.

39.26%
17.48%
34.3%