Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මින්නේරිය අංක 65 පාසියා වැව ග්‍රාම සේවා වසමේ 1.1/4 (එකයි කාලේ කනුව) ගල්කන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරනු ලබන්නේ 2019 වර්ෂයේ දීය
එම සංචාරක හෝටලයේ හිමිකරුවන එන්.එම්. සමන් ප්‍රසන්න ශ්‍රී ලංකා නිවස සංවර්ධන මූල්‍ය සංස්ථාවට තමන්ගේ අඩක් වැඩ අවසන් වූ හෝටලයේ දීමනා පත්‍රය (රජයේ ඔප්පුව) ඇපයට තබා රුපියල් ලක්ෂ 80ක ණය මුදලක් ලබාගන්නේ එම හෝටලය දියුණු කර ව්‍යාපාරිකයෙක් ලෙස ඉදිරියට යෑමටයි.
ඔහුට පොළොන්නරුව නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකු ශාඛාවෙන් 702725000110 සහ 702523000011 ණය අංක යටතේ රුපියල් ලක්ෂ 80ක ණය මුදලක් ලැබෙන්නේ, කොටස් කිහිපයක් යටතේ හෝටලයේ නව ඉදිකිරිම් සදහාය.
එසේ හෝටලයේ නව ඉදිකිරිම් අවසන් වන විට පාස්කු බෝම්බ ප්‍රහාරයේ අකාරුණික අත්දැකීමට මුහුණදීමට සිදුවන අතර, ඒ නිසා සංචාරකයන්ගේ පැමිණීම නතර වේ.
ව්‍යාපාර කටයුතු ඇණහිට තිබියදීද ඔහු කිහිප අවස්ථාවකම මුදල් කොටස් වශයෙන් බැංකුවේ තැන්පත් කරන අතර, එම මුදල රුපියල් ලක්ෂ 10කට ආසන්න බව හෝටලයේ හිමිකරු සදහන් කරයි.
පසුව මාස කිහිපයක් ගතවනවාත් සමග කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යළිත් සංචාරකයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන්ම නතර වේ.
හෝටල් හිමියන්ට එහිදීද ණය වෙනුවෙන් සහන කාලයක් ලබාදුන්නද එම ප්‍රමාද වන මුදල්වලට වැල්පොළී ක්‍රම වේදයක් හදුන්වා දී අධික පොළියක් මත වාරික ගෙවිමට නියම වේ.
හෝටලයේ හිමි කරු අදාළ බැංකු ශාඛාවට ගොස් සාධාරණ ලෙස වාරික ක්‍රමයකට ණය මුදල ගෙවාගෙන යෑමට ඉල්ලිම් කරන නමුත් කිසිදු දෙකට කැමැත්ත පළනොකරන රජයේ බැංකුවට විරුද්ධව අධිකරණයේ පිහිට පතන එම හෝටලයේ හිමිකරුට අධිකරයෙන් පවසන්නේ, අධිකරණයට මෙයට මැදිහත් විමට නොහැකි බවත්, බැංකුවත් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන ලෙසත්ය.
ඉන් මාස 3ක් පමණ ගිය විට ශ්‍රිලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව නගර වල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් එම හෝටලය බැංකුව වෙත පවරා ගැනිමේ කටයුතු සිදුකරන බව නිවේදනය කර ඇත.
එසේ පවරා ගැනිමට අදාළව ඊයේ පස්වරුවේ නිවාස සංවර්ධනයට මුල්‍ය සංස්ථා බැංකුවේ නිලධාරීන් සහ වෙන්දේසිකරුවන් පැමිණ අදාළ හෝටලය සහ අදාළ භූමියට ලංසු තබන අතර එය ලක්ෂ 140 කට නම් කරනමුත් කිසිදු පුද්ගලයෙක් එය මිලට ගැනිමට කටයුතු නොකරන අතර, ඒ අනුව එම දේපළ බැංකුව සතුකර ගනු ලබයි.
එහිදි එම හොටලේ හිමිකරු සහ බැංකුවේ වෙන්දේසිකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවෙයි.
එහිදි හොටලේ හිමිකරු සඳහන් කරන්නේ, ‘පරාටේ’ නීතිය ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය තීරණයක් අරගෙනතිබියදී මෙලෙස රාජ්‍ය බැංකුවක් කටයුතු කිරීම ඉතා අසාධාරණ බවයි.
පහතින් දැක්වෙන්නේ ඉහත සිදුවීමට අදාළ සම්පුර්ණ වීඩියෝවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart