September 14, 2024

සීමාවකින් තොරව දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීරගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව දෛනික අවම මූලික වැටුප රුපියල් 1350ක් වන අතර අමතරව නෙළන එක් තේ දළු කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 50ක අමතර මුදලක් ගෙවිය යුතු වේ.

රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයන් ලබාගන්නා අමතර එක් රබර් කිලෝග්‍රෑමයක් සඳහා ද මෙම අමතර ගෙවීම කළයුතු වේ.

ඒ අනුව ශ්‍රමිකයාගේ ඵලදායීතාව අනුව සීමාවකින් තොරව ඉහළ දෛනික වැටුපක් ලබගත හැකිවේ.

මෙම ගැසට් නිවේදනය අනුව වතු සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සදහා වන අවම සීමාව ද රුපියල් 1350 දක්වා ඉහළ යයි.

මෙම වැටුප් ඉහළයෑම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වේ.