January 10, 2024

එක් ආයතනයකින් අඩු මුදලකට ගෑස් මිලදී ගැනීමට හැකිවී තිබියදී එම ආයතනය නොසළකා හැර වෙනත් ආයතනයකින් ගෑස් මිලදී ගැනීම නිසා මිලියන 1138ක අලාභයක් සිදුවී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එමෙන්ම නිසි ඇස්තමේන්තුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරුවකින් තොරව ගෑස් නැව් ඇනවුම් කිරීම මත රුපියල් මිලියන 210ක් නැව් පමා කුලී වශයෙන් ගෙවා ඇති බවද විපක්ෂනායකවරයා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

”සියම් ගෑස් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය අඩු මිලකට ගෑස් ලබාදීමට එකඟ වුණා. හැබැයි ඒ සමාගමේ ඉල්ලීමට ඉඩ නොදී ඒ කොන්දේසි යටතේම වෙනත් සමාගමකට පමණක් ඉහළ මිලකට ගෑස් ගෙන්වන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ බංකොලොත් රටේ ඉහළ මිලකට ඕකිව් ට්‍රේඩින් ලිමිටඩ් වෙතින් මිලදී ගැනීම හේතුවෙන් සම්පූර්ණ අලාභය මිලියන 1138ක්. නිසි ඇස්තමේන්තුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරුවකින් තොරව ගෑස් නැව් ඇනවුම් කිරීම මත රුපියල් මිලියන 210ක් නැව් පමා කුලී වශයෙන් ගෙවලා තියෙනවා. බංකොලොත් රටේ බංකොලොත්භාවය තුළ ගෑස් වලිනුත් ගහනවා. මම මේ සියලු කරුණු ගත්තේ ඊයේ දිනයේදී මේ සභාවේ සභාගත කළ විගණන වාර්තාවලින්.”

42.31%
17.27%
32.76%