Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් සමඟ සමීපව ඇසුරු කළ බව කියන කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් මෙම වැටළීමේදී පළාගිය බවයි.
සුඛෝපභෝගී වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ලබාදුන් බුද්ධි තොරතුරක් මත වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකට යාබද මාර්ගයේ දී මෝටර් රථයක් නතර කිරීමට රාජකාරියේ නිරත නිලධාරියකු උත්සාහ කර තිබේ.
එම නිලධාරියාගේ සංඥාව නොතකා මෝටර් රථය නිවාස සංකීර්ණයේ වාහන නැවැත්වීමේ ස්ථානය දෙසට ගමන් කර ඇත්තේ, තවත් පොලිස් නිලධාරියකුට තුවාල ද සිදුකරමිනි.
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ.
පළායමින් සිටි එක් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස හඳුනාගෙන ඇත.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පළාගිය සැකකරු ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් බවයි.
එම පරිශ්‍රය සෝදිසි කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, විදේශ මුදල්, නදීන් බාසික්ගේ රියදුරු බලපත්‍රය, ඩුබායි රාජ්‍යයෙන් නිකුත්කළ හැඳුනුම්පතක් සහ තවත් ඩුබායි රියදුරු බලපත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
සැකකරුවන් එම සංකීර්ණය තුළ පිහිටි මහල් නිවාසයක් රුපියල් 350,000කට කුලියට ගෙන ඇති බව අනාවරණය වේ.
මෙම මහල් නිවාසය තුළ තිබී සැකකරු විවිධ පුද්ගලයන්ට සිදුකළ මුදල් ගනුදෙනු පිළිබඳ වාර්තා ඇතුළත් රහස්‍ය ලේඛන පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.
ඉතා සූක්ෂම ලෙස කුවිතාන්සිය රඳවාගෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමේ රටාවක් විමර්ශනයේදී අනාවරණ වී තිබේ.
මෙම ගනුදෙනු සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
මුදල් ලබාගත් පුද්ගලයන් අතර ‘පොලිස් අම්මා’ නමින් හැඳින්වෙන අයකු ද සිටින බව පොලිසිය අනාවරණ කරයි.
ශිරාන් බාසික්ගේ පුත්‍රයාගේ විදේශ ගමන් බලපත්‍රය ද මහල් නිවාස පරිශ්‍රයේ තිබී සොයාගෙන ඇති අතර, පොලිසිය ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart