February 4, 2025

කොල්ලුපිටිය, ආර්. ඒ. ද මෙල් මාවතේ පිහිටි නවාතැන්පොළකදී හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කළ විදේශිකයන් තිදෙනෙකු අතර සිටි 27 හැවිරිදි ජර්මානු කාන්තාවක් මියගොස් තිබේ.

මීට පෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය එම නවාතැන්පොළේම රන්දිසිටි 24 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවකගේ මරණයෙන් පසුව මෙම මරණය වාර්තා විය.

මරණයට හේතුව විෂ වායුවක් ආශ්වාස කිරීම නිසා විය හැකි බවට පොලිසිය සැකකරයි.

මේ අතර, යෝග්‍යතා වාර්ථා කිරීමක් සිදුකරන තෙක් එම ලැගුම්හල වසාතබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(03) නියෝග නිකුත් කළේය.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලිසිය මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබූ අතර රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් සිදු කරන පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ සිදු කර රැදී සිටීමේ යෝග්‍යතාවය වාර්ථා කිරීමක් සිදුකරන තෙක් අංක 177/01, ආර් ඒ ද මෙල් මාවත, කොළඹ 03 ලිපිනයේ පිහිටා තිබෙන මිරාකල් කලම්බු සිටි හොස්ටල් ගොඩනැගිල්ල අවශ්‍ය සියලුම සෞඛ්‍ය නිර්දේශ සම්පූර්ණ වූ පසුනිසි බලපත්‍රයක ලබාගැනීමෙන් පසුව පමණක් විවෘත කිරීමට නිර්දේශ කරන තෙක් වසාතබන ලෙස අධිකරණය නියෝග කළේය.

42.31%
17.27%
32.76%