Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශේෂ කර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) රුවන්වැල්ල පොලිස් වසමේ අයි/207, ඉහළ මොරාවත්ත, රුවන්වැල්ල යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටළීමක් සිදුකර ඇත.
ඒ අනුව, එහිදී විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්රීය පිස්තෝල අවියක්, එම පිස්තොල අවියට යොදන ලද 6.35 mm හිස් පතුරම් කොපු 01ක්, රුසියාවේ සහ අමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කු දෙකක්ද, පතුරම් තුවක්කු බැරල් 02ක්ද, බලපත්ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 37ක රුවන්වැල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
එමෙන්ම මෙම අත්අඩංගුවට ගත් ස්වංක්රීය අවිය රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර ඇති අතර, බෝර 12 වර්ගයේ එක් අවියක් රුපියල් 60,000ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවටද කරුණු අණාවරණය වී ඇත.
මෙම පුද්ගලයා අවි අලෙවි කිරීමේ ජාවාරම් වල නිරතවන පුද්ගලයකු වන අතර මොහු මෙම අවි වෙනත් පුද්ගලයන්ගෙන් රැගෙන ඒවා වැඩි මුදලට විකිණීමේ ජාවාරමේ යෙදී සිටි බවට විමර්ෂණ වලදී තහවුරු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart