March 4, 2025

හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේ වතු නිවාස පෙළක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, තුවාල ලැබූවන් දික්ඔය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.

ගින්න වතු නිවාස 24ක් පුරා පැතිර ගොස් ඇති අතර ආපදාවෙන් එම නිවාසවලට දැඩි අලාභහානි සිදුවී ඇතැයි ද පොලීසිය පවසයි.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

හැටන් ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව පොලීසියේ සහය ඇතිව ගින්න මැඩපවත්වා තිබේ.