July 10, 2024

ටොරින්ටන්හි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ලේ අද පෙරවරුවේ සුළු ගින්නක් හටගෙන තිබේ.

ගොඩනැගිල්ලෙ බිම් මහලේ රැස්වීමේ ශාලාවේ ඇතිවූ දුමක් සමග මෙම ගින්න පිළිබඳ හෙළි වී ඇත.

වාර්තා වන පරිදි ඇති වූ ගින්න හේතුවෙන් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ලේඛන ආදී කිසිවකට හානියක් සිදු වී නැත.

ගින්න හටගත් ස්ථානය අවට තිබු භාණ්ඩ කිහිපයකට පමණක් හානි සිදු වී ඇති බව වාර්තා වේ.

ගින්න හටගත් අවස්ථාවේම ගිනි නිවීමේ හමුදාව කැඳවීමට පියවර ගෙන තිබිණි.

අද පෙරවරු 10ට පමණ හටගෙන තිබූ මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.

42.31%
17.27%
32.76%