January 30, 2024

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය ලිහිල් කිරීමේ පියවරක් ලෙස ඉදිකිරීම් වාහන සහ ගිලන් රථ හැර මෝටර් රථ ආනයනය රජය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

කෙසේවෙතත්, වාහන ආනයනය සඳහා වරාය, නාවික හා ගුවන් සේවා සහ අධ්‍යාපන අමාත්‍යාංශ මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම්වලට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව පහත සඳහන් වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

– ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා විශේෂිත වාහන 3ක්

– එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් පරිත්‍යාග කරන ලද ජංගම මාතෘ ඒකක 3ක්

– එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සපයන ලද ද්විත්ව කැබ් රථ 21 ක්

– රැකියා බලපත්‍ර ක්‍රමය ස්ථාපිත කිරීමේදී ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඇතිකරගත් ගිවිසුම යටතේ කොරියානු අරමුදල් ව්‍යාපෘතිය සඳහා වාහනයක්

– ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයන විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා බස් රථ 2ක්.

42.31%
17.27%
32.76%