Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 03යි මාස 06ක දරුවකු කෲරත්වයට පත්කළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පියකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ රාත්‍රී කාලයේ 118 කෙටි පණිවිඩ මධ්‍යස්ථානයෙන් ඇල්පිටිය පොලිසියට ලද පණිවිඩයක් මත කළ විමර්ශනයෙදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කෙටි පණිවිඩ මධ්‍යස්ථානයට ලැබී තිබුණු පණිවිඩයෙන් කියැවී තිබුණේ ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 03යි මාස 06ක පිරිමි දරුවෙකුට කෲර ලෙස සළකන බවය.
ඒ අනුව දරුවාගේ පියා ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන අරක්කැමියෙකි.
සැකකරුගේ වයස අවරුදු 24ක් වන බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර සැකකරු සහ මෙම දරුවා පමණක් නිවසේ සිට තිබේ.
සැකකරු විසින් දරුවාගේ අත් ඔසවා බිම දණ ගස්වා දරුවා විසින් ආහාර ඉල්ලා සිටීමේදී පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෲරත්වයට පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
මෙම සැකකාර පියා මෙලෙස දරුවා කෲරත්වයට පත්කිරීම් වීඩියෝගත කර විදෙස්ගත දරුවාගේ මවට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අදාළ වීඩියෝ පටය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවට නිරික්ෂණය වන බව ද පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart