March 23, 2025

සීදුව බෙල්ලාන වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ පුද්ගලයන් 76 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී සාදය පවත්වා ඇති බවයි.

ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පානය කරමින් සිට ඇතැයි ද, පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා සහ නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ සිගරට් තොගයක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතරට තරුණියන් 12 දෙනකු ඇතුළත් වේ.