April 1, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, එය බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට තුඩු දිය හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කරයි.

ජාතික පුවත්පතක පළ වූ වාර්තාවක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ පාස්කු ඉරිදා සමූලඝාතන පිටුපස ඉන්දියාව සිටින බවටත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු ප්‍රහාරය ගැන පමණක් නොව ඊට හේතුව තමාට පාපොච්චාරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.

ඊට හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියාවට කිසිදු ව්‍යාපෘතියක් පැවරීමට සළකා බලා නොමැති වීම බව යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර තිබිණි.

අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙය අතිශය වගකීම් විරහිත ප්‍රකාශයක් බවයි.

“එසේ නම් මෙතෙක් ඔහු කළ ප්‍රකාශ සියල්ලටම වෙන්නේ මොකක්ද ? තවත් රටක් මේ ප්‍රශ්නයට ඇද ගැනීමෙන් තවත් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. ඔවුන් මෙම ප්‍රකාශයේ පදනම විමසයි. මානසික සෞඛ්‍ය ගැටලුවක් ඇති රාජ්‍ය තාන්ත්‍රිකයකු හැර වෙනත් කිසිවකු එවැනි පාපොච්චාරණයක් කරයිද? ” යනුවෙන් මන්ත්‍රීවරයාඅවධාරණය කළේය.

“එවැනි ප්‍රකාශයක් කිරීමට ඔහුට සාක්ෂි තිබිය යුතුයි. අපි මෙය දකින්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් ඇති කිරීමට කරන ලද ප්‍රකාශයක් ලෙසයි” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පසුබිම මැද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ සෙනසුරාදා (30) පැවති උත්සවයක් අමතමින් කරුණු කිහිපයක් හෙළි කළේය.

” ‘පාස්කු ප්‍රහාර නාටකය’ 2015 බලය අහිමි වූ ‘දූෂිත පිරිසක්’ හොඳින් සංවිධාන කළ රංගනයක් බව මතක තබා ගන්න. ඔවුන් වසර පහක් තිස්සේ ඉතා සැලසුම් සහගතව මෙම ක්‍රියාව සිදු කළා. සහ්රාන් හෂීම් 2017 දී ‘තව්හීද් ජමාත්’ සංවිධානයෙන් ඉවත් වූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඔහුට උදව් කළ අය, ඔහුව රැගෙන ගිය අය සහ ඔහු ප්‍රහාරය එල්ල කළ ආකාරය එහි සඳහන් වෙනවා”, යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

“සහරාන් ගැටුම් ඇති වූ සෑම ස්ථානයකටම ගොස් පන්ති පවත්වමින් මුස්ලිම් තරුණයන් තමන්ගේ පැත්තට දිනාගත්තා. අනෙක් සියල්ලෝම මේ කාරණය ගැන හොඳින් දැන සිටියා ” මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ පත් කිරීම සිදුවූයේ වසර පහක කුමන්ත්‍රණයකින් පසුව බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%