Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන්ට ත්‍රිවිධ හමුදාව ලබාදී තිබූ ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද ප්‍රකාශ කළේය.
මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන්නේ පොලිස් ආරක්ෂාව පමණක් බව ඔහු පාර්ලිමේන්තුවේදී කියාසිටියේය.
අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස එකොළහයි දින පහළොව තුළ හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට රුපියල් මිලියන 1,448 ක් වැය කර ඇති අතර එය මහජන මුදල් නාස්තියක් බව.
මාස හයකට වරක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සමාලෝචනයකින් පසු ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ තීන්දු තීරණ ගන්නා බවද ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳවද ඇමතිවරයා තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව දැනට පවතින ආරක්ෂාව පහත පරිදි වේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිසියේ 60 දෙනෙකු සහ හමුදාවේ 228 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් ලබා දී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හමුදා සාමාජිකයන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60 දෙනකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා ඇති බව ඇමැති විජේපාල කියයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හමුදාවේ 188 දෙනෙක් සහ පොලිසියේ 22 දෙනෙක් ඇතුළත් ආරක්ෂාවක් සපයා ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට හමුදාවේ 57 දෙනෙක් සහ පොලිසියේ 60 දෙනෙක් සහිත ආරක්ෂාවක් සපයා තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට පොලිසියේ 60 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා ඇත.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට පොලිසියේ 10 දෙනෙකුගෙන් යුතු ආරක්ෂාවක් සපයා ඇති බව ඇමැති විජේපාල කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart