June 13, 2024

පාර්ලිමේන්තුවේ දිනක කටයුතු සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් රුපියල් මිලියන 15ක් පමණ වැය වන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන කළ ප්‍රකාශය තහවුරු කළ නොහැකි බව පාර්ලිමේන්තුව පවසයි.

අනෙකුත් රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් මෙන්ම දිනක වියදම ගණනය කළ නොහැකි බව පාර්ලිමේන්තුව අවධාරණය කර තිබේ.

පාර්ලිමේන්තුව විසින් මේ බව දැනුම් දී ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ වසරේ මාර්තු 20 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) ප්‍රකාරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න මාලාවකට පිළිතුරු දෙමින් කථානායක අබේවර්ධනගේ ප්‍රකාශය සනාථ කිරීමට අවශ්‍ය දත්ත පාර්ලිමේන්තුව සතුව තිබී නොමැත.

දිනක කටයුතු සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් රුපියල් මිලියන 10ක් වැය වන බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශය තහවුරු කළ නොහැකි බව සභාව මීට පෙර ප්‍රකාශ කර තිබියදී කථානායක අබේවර්ධන දිනක වියදම රුපියල් මිලියන15ක් ලෙස ගණනය කළේ කෙසේදැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ‘ද අයිලන්ඩ්’ පුවත්පත පාර්ලිමේන්තුවෙන් විමසා තිබිණි.

2023 දෙසැම්බර් 10 වැනි දින ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ විවාදය කඩාකප්පල් කරමින් රුපියල් මිලියන 10ක් නාස්ති කළ බවට ඇමැති රණතුංග චෝදනා කළේය.

ඔහු එසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ඇති වූ උණුසුම් බහින්බස්වීමක් අතරතුරදීය.

කරු ජයසූරිය කථානායකවරයා ලෙස කටයුතු කරන සමයේ (2015-2019) දිනක කටයුතු සඳහා රුපියල් මිලියන 4කට අධික මුදලක් වැය වන බව ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නියමිත කාලසීමාවෙන් පසුව, 2024 මාර්තු 22 වැනි දින ‘ද අයිලන්ඩ්’ පුවත්පත විසින් අසන ලද ප්‍රශ්න මාලාවකට පාර්ලිමේන්තුව ප්‍රතිචාර දක්වා ඇත.

කෙසේවෙතත්, 2023 සඳහා පාර්ලිමේන්තුවේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් පිළිවෙලිළින් රුපියල් 3,574,101,968 ක් සහ රුපියල් 42,099,475 ක් බව පාර්ලිමේන්තුව අනාවරණ කර ඇත.

එබැවින් මුළු වියදම රු. 3,616,201,443කි.

පාර්ලිමේන්තුව සතුව අදාළ දත්ත නොමැති බව හෝ ඒවා අදාළ නොවන බව පවසමින් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය වසරේ (නොවැම්බර් 13-දෙසැම්බර් 08, 2023) අයවැය විවාදයේදී කරන ලද වියදම් පිළිබඳ ප්‍රශ්නවලට ඇතුළත් විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ ප්‍රාදේශීය සභාවල වියදම් සංසන්දනය කිරීම සභාව ප්‍රතික්ෂේප කළේය.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත බලාත්මක කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව දින තුනක විශ්වාසභංගයක් ගෙන ඒමෙන් දිනකට රුපියල් මිලියන 15 බැගින් රුපියල් මිලියන 45ක් නාස්ති වූ බව කථානායකවරයා මාර්තු 20දා ප්‍රකාශ කර තිබිණි.

බදු ගෙවන ජනතාවගේ මුදල් ආහාර සහ විදුලිය සඳහා කොපමණ වැය වේද යන්න පාර්ලිමේන්තුවට පැවසිය නොහැකි වී තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ විමසුමට ලැබී ඇති ප්‍රතිචාර අනුව මසකට උපරිම දින 8ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වුවද සතියේ සෑම දිනකම පාර්ලිමේන්තුව විවෘතව ඇත.

42.31%
17.27%
32.76%