
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝයල් ඔටෝමොබයිල් ක්ලබ් ඒෂියා විසින් සංවිධානය කරන ලද කටුකුරුන්ද පරිපථ තරගාවලිය මාර්තු 29 සහ 30 යන දිනවල පැවැත්වීමට අවසර දෙමින් අභියාචනාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය.
තරඟ අත්හිටුවීමේ තීරණය අභියෝගයට ලක්කරමින් සමාජය විසින් ගොනුකරන ලද පෙත්සමක් අනුව මෙම නියෝගය ලබාදෙන ලදී.
මාර්තු 27 වැනි දින තරඟ පැවැත්වීමට ලබාදුන් අවසර පත්‍රය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්හිටුවන ලදී.
මෙම සම්පූර්ණ අත්හිටුවීම නීතිවිරෝධී බවත්, එසේ කිරීමට වලංගු හේතුවක් නොමැතිව බවත් පෙත්සම්කරුවෝ අධිකරණයට දැනුම්දුන්හ.
රියදුරන් 200 කට අධික සංඛ්‍යාවක් තරඟයට සහභාගී වීමට සූදානම්ව සිටි බවත්, අවසන් මොහොතේ බලපත්‍රය අවලංගු කිරීම උපක්‍රමශීලී බවක් පෙන්නුම් කරන බවත් පෙත්සම්කරුවෝ අධිකරණයට පැවසූහ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ සහ නීතිඥ හෆීල් ෆාරිස් යන අයගේ කරුණු විමසා, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තරඟාවලිය අවලංගු කිරීමේ තීරණය අත්හිටුවමින් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
සඳුනි රත්නායකගේ උපදෙස් මත හෆීල් ෆාරිස්, නවීන් මහරච්චිගේ යන නීතිඥයෝ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart