Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීම ශ්‍රී ලංකාව තුළ අපරාධයක් බවට නීතිගත වීමෙන් පසු ඊට අදාළ පළමු පැමිණිල්ල නීතිපතිවරයා වෙත අද භාර දී තිබේ.
අදාළ පැමිණිල්ල ඉස්දිරිපත් කර තිබුණේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි.
ඒ යටතේ පසුගිය මාර්තු 27 වැනිදා හොරොව්පතාන ප්‍රදේශයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ කපිල කුමාර සිල්වා සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව ක්‍රියාත්මක වන 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ නීතිපතිවරයා මගින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීම මගින් කපිල කුමාර සිල්වාට යුක්තිය යුතු කිරීම පැමිණිල්ලෙන් අපේක්ෂා කර ඇත.
මේ අතර, පොලිසියේ අමානුෂික ක්‍රියා කලාපය නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලමින් ජනමාධ්‍යවේදියකු වන තරිඳු උඩවරගෙදර ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.
ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය හා පෞද්ගලික වෘත්තීය සමිතිය ඒකාබද්ධව රජයට එරෙහිව පැවැත්වූ විරෝධතා පා ගමනක් ජනමාධ්‍ය වෙනුවෙන් ආවරණය කරමින් සිටියදී තමා ජනමාධ්‍යවේදියකු බව තහවුරු කර තිබියදීත් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම හා තුවාල ලබා සිටි තමා රෝහල්ගත කිරීමට නිසි පියවර නොගෙන පැය 17කට අධික කාලයක් රඳවා තබාගැනීමට එරෙහිව ඔහු මෙම පෙත්සම ගොනු කර ඇත.
පසුගිය වසරේ ජූලි 28 වැනිදා පැවැති එම විරෝධතා පාගමන පිළිබඳ දැනගත් තමා ජනමාධ්‍ය වෙනුවෙන් ආවරණය සඳහා ගිය බවත්, එම අවස්ථාවේදී පොලිසිය ඇතුළු කැරලි මර්දන අංශ පෙළපාලිකරුවන් දෙසට දිගින් දිගටම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් පෙත්සම්කාර ජනමාධ්‍යවේදියා සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.
එහිදී පෙළපාලියට එල්ල කළ ගල් ප්රහාරයක ලක්වූ තරුණියක් පෙළපාලිකරුවන් විසින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අයුරු තමන් ඇතුළු ජනමාධ්‍යවේදීන් වීඩියෝගත කිරීම හා ඡායාරූපගත කරනු දුටු පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් නිලධාරීන් ජනමාධ්‍යවේදීන් දෙසට ජල හා කඳුළු ගෑස් එල්ල කළ බවත්, තමන් ඇතුළු පිරිස ජනමාධ්‍යවේදීන් බව පවසා සිටියදීත් සිදුකළ එම ප්‍රහාර නිසා ජනමාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලැබූ බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී තිබේ.
එම අවස්ථාවේදී පොලිසිය තමාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසියට රැගෙන ගොස් තුවාල ලබා සිටි තමාට ප්‍රතිකාර ලබාදීම පැහැර හැර පැය 17කට අධික කාලයක් රඳවාගත් බවත්, පසුව අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ උපදෙස් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තුවාම ලැබූ අයට ප්‍රතිකාර ලබාදීමට පියවර ගත් බවත් පසුව රෝහලට පැමිණි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තමා ඇප මත මුදාහැරීමට නියෝග කළ බවත් පෙත්සම්කාර තරිඳු උඩවරගෙදර අධිකරණයට පෙන්වා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart