March 3, 2025

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත කේරල ගංජා තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත වව්නියාව පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සමඟ ඊයේ(02) යාපනය මාදගල් ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී රුපියල් මිලියන 38.6ක පමණ වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 128යි ග්‍රෑම් 110ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය සමඟ වයස අවුරුදු 36ක් පමණ වන යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුද අත්අඩංගවට ගෙන ඇත.

මෙහිදී යතුරු පැදියක්, ජංගම දුරකථන 02ක් සමග සැකකරු ඉලවාලි පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, ඉදිරි විමර්ශන ඉලවාලි පොලිස් ස්ථානය විසින් සිදුකිරීමට නියමිතය.