September 15, 2024

චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගමට(CHEC) රුපියල් බිලියන 7.91ක හිඟ මුදල් ගෙවීම සඳහා පසුගිය සතියේ මහාමාර්ග අමාත්‍යාංශය සහ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම අත්සන් කරන ලද ගිවිසුමට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අවම වශයෙන් පැමිණිලි දෙකක් ගොනුකර තිබේ.

සැප්තැම්බර් 6 වැනිදා බේරුම්කරණ ගිවිසුම අත්සන් කර තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මුදල් ගෙවා නැත.

මීට වසර 10කට පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව – දොඩන්ගොඩ කොටස සඳහා මුදල් ගෙවීමට අගෝස්තු 27 කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉහළ ගිය මෙම දැවැන්ත ගෙවීම නොකර සිටීමට හේතුව පැහැදිලි නැත.

චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් කොට්ටාව-දොඩන්ගොඩ කිලෝමීටර් 35ක කොන්ත්‍රාත්කරු වූ අතර ඉන්ජිනේරුවන් වූයේ Tokyo මූලස්ථානය කරගත් Oriental Consultants Co Ltdය.

මෙම අංශය අනතර්ජාතික සහයෝගීතාව සඳහා වන ජපන් බැංකුව විසින් අරමුදල් සපයන ලද අතර 2011දී විවෘත කරන ලදී.

එම වසරේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සහ Oriental Consultants Co Ltd අතර ආරවුලක් ඇති වන්නේ උපදේශකයා සහතික කර නොමැති බව පැවසූ වැඩ සඳහා ගෙවීමක් චීන සමාගම ඉල්ලා සිටිමත් සමගය.

මාර්ග සංවර්ධන අධිකාරියේ මූලාශ්‍රවලට අනුව, උපදේශකයන් විසින් පමණක් නොව ව්‍යාපෘති කාර්යාලය විසින් පවා එම ගෙවීම් අවම වශයෙන් තුන් වතාවක් ප්‍රතික්ෂේප කරන ලදී.

ඊට මාර්ග සංවර්ධන අධිකාරිය තුළ ද පුළුල් විරෝධයක් පවතී.